Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2019 08:37:50 Hours

වනාතවිල්ලුව ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත්වූවන් මුදාගනී

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක ගේ උපදෙස් මත 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සිකුරාදා (20) දින වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානාතිව් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත්වූවන් මුදාගැනීමට සහාය විය.

ජලය ගලා බසින විට එම ගම්මාන ගංවතුරට හසුවූ අතර සිවිල් වැසියන් 50 කට අධික පිරිසක් ආරක්‍ෂිත ප්‍රදේශවලට රැගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යුහුසුළුව ක්‍රියාත්මක විය. භටපිරිස් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් මුදාගත් සිවිල් වැසියන්, අසල පිහිටි ප්‍රජා මධ්‍යස්ථානයේ ස්ථානගත කරන ලදී.

14 වන සේනාංකයේ සේනාංකධිපතිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා බෝට්ටු යොදාගනිමින් සිවිල් වැසියන් මුදාගැනීමේ සමස්ථ මෙහෙයුම දියත් කරන ලදී. Nike Sneakers Store | New Jordans – Air Jordan 2021 Release Dates , Gov