Header

Sri Lanka Army

Defender of the Nation

25th December 2019 12:12:13 Hours

(යාවත්කාලීන කිරීම) බෝගස්වැව සිදුවීමේදී පැහැරගත් ගිනි අවිය සොයා ගැනේ තවද එම පහරදීම සිදු කල පුද්ගලයා ද අත්අඩංගුවට

නාදුනන පුද්ගලයෙකු විසින් වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ රාජකාරි නිමකර තම විවේක ගන්නා ස්ථානය වෙත පැමිණෙමින් සිටි යුද හමුදා සෙබළාට තුවාල සිදුකිරිමෙන් පැහැරගත් ගිනි අවිය පැය හයකට පමණ පසු, යුද හමුදා බුද්ධි බලකාය සහ ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකාය බොගස්වැව පොලිසිය එක්ව අද (25) දින උදෑසන කැකිරාව ප්‍රදේශයේ මාර්ගයක් අසල කටු පදුරක තිබී සොයාගන්නා ලදී.

අද (25) දින අලුයම 4.00 ට පමණ නාදුනන පුද්ගලයෙකු විසින් වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ රාජකාරි නිමකර තම විවේක ගන්නා ස්ථානය වෙත පැමිණෙමින් සිටි යුද හමුදා සෙබළෙකුට තුවාල සිදු කර ගිනිඅවිය රැගෙන පලා ගොස් තිබිණි. තුවාල ලැබූ සෙබළා දැනට අනුරාධපුර වික්ටෝරියා යුද හමුදා රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි. මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ පැවැත්වේ. latest jordan Sneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf