Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2019 18:45:33 Hours

නව සැලසුම් අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ආබෲ සිය ධූරයේ රාජකාරීන් අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් වසන්ත ද ආබෲ 23 වන අධ්‍යක්‍ෂ සැලසුම් ලෙස ඉකුත් සඳුදා (23) දින යුද හමුදා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ.

නව කාර්යාලයේදී ආගමික වතාවත්වලින් අනතුරුව, බ්‍රිගේඩියර් ආබෲ සංකේතාක්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් ආරම්භ කළේය.

එම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

එතුමන් එම තනතුරට පත්වීමට ප්‍රථම 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්වූ බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න එම තනතුර හොඹවනු ලැබීය. affiliate link trace | Nike