24th December 2019 08:29:36 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පාලනය වන 111 වන බලසේනා මූලස්ථානය ප්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කරමින් ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන දොලුව ඉගුරුවත්ත ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉකුත් සඳුදා (23) දින නොමිලේ පාසල් පොත් සහ උපාංග ප්‍රධානය කරන ලදී.
111 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණයෙන් රනිල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් මෙම වටිනා අරමුණ සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී. මෙම වැඩසටහන යටතේ පාසල් පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී සෑම සිසුවෙකුටම පාවහන් යුගලයක්, පාසල් බෑගයක් සහ පාසල් උපාංග පරිත්‍යාග කරනු ලැබීය.
මෙම පරිත්‍යාග උත්සව අවස්ථාවට ප්‍රථම, යුද්ධ හමුදා සාමාජිකයින් දෙමව්පියන්ගේ සහාය ඇතිව පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදානා වැඩසටහනක් ද දියත් කරනු ලැබීය.
මෙම උත්සව අවස්ථාවට ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, 111 වන බලසේනාවේ කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් සහභාගී වූහ. Nike Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf