24th December 2019 09:29:36 Hours
ඉන්දීය යුද හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් දෙසැම්බර් මස 16 දින සිට 20 දින දක්වා කාලය තුළ දිවයිනේ සංචාරයක නිරත වූහ. එම සංචාරයේදී ඔවුන් දඹුල්ල හල්මිල්ලවැව පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සහ යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ (MITC) නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම සංචාරය සඳහා ඉන්දීය යුද හමුදා කර්නල් රෝහිත් ගුප්තා (Colonel Rohit Gupta), මේජර් සෝනම් ජුනේජා (Major Sonam Juneja) සහ මේජර් ඕම් චෙතන් පූරි (Major Om Chetan Puri) යන නිලධාරීන් සහභාගී වූ අතර මෙම සංචාරය ශ්‍රී ලංකා හමුදාව සහ ඉන්දීය හමුදාව අතර යුද හමුදා මාණ්ඩලික සාකච්ඡාවට පසු විපරම් කිරීමක් ලෙස සංවිධානය කරන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජේ ප්‍රියදර්ශන මාණ්ඩලික නිලධාරීන් සමඟ සපැමිණි දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මැණික්ෆාම් යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ (MITC) සංචාරයේ නිරතවූ දූත පිරිස එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් බී.පී.ජී.කේ බාලසූරිය විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එතුමන්ගේ කාර්යාලයේදී ඔවුන් සමග විධිමත් සාකච්ඡාවක් පැවැත්වූහ.
යාන්ත්‍රික පුහුණු පාසලේ සේනාවිධායක විසින් එම පුහුණු පාසල සහ එහි කාර්යයන් පිළිබඳ පුළුල් විස්තරයක් ඔවුන් වෙත ඉදිරිපත් කළහ. තවද එහිදී එම සංවිධාන දෙක අතර හමුදා පුහුණු සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළහ. තවද යාන්ත්‍රික පාබල හමුදා කණ්ඩාමක් කැරලි මර්දන සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. එහිදි ඔවුන් සූක්‍ෂම ලෙස සැඟවුණු සතුරන්ට එරෙහිව ආදර්ශමත් පුහුණු නිදර්ශණ ප්‍රහාරයක් එල්ල කළේ නරඹන්නන්ගේ සිත් ඇදගනිමිනි.
මන්නාරම, දඹුල්ල, ත්‍රිකුණාමලය සහ මහනුවර අවට ප්‍රදේශවල ද මෙම දූත පිරිස සංචාරය කළ අතර එම සංචාරය අවසන් කරමින් දූත පිරිස යාන්ත්‍රික පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර එහිදි ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. Nike Sneakers Store | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta