Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 17:05:39 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී නව ආධුනික සෙබළුන් 138 දෙනෙකු විසිර යයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (21) දින පැවති විසිර යාමේ උත්සවයකදී ආධුනික සෙබළුන් 138 දෙනෙකු විසිර ගියහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එම්.ටී.බී. හංගිලිපොල සහභාගී විය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා වෛද්‍ය බලකාය යන රෙජිමේන්තු වලට අයත් ආධුනික සෙබළුන් මෙලෙස විසිර යන ලදී.

මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය සහ හොඳම වෙඩික්කරුට හිමි සම්මානය ගජබා රෙජිමේන්තුවේ ආධුනික සෙබල එම්.එල්.ආර්. කුමාර විසින් හිමිකරගත් අතර හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලාට හිමි කුසලානය ආධුනික සෙබල එම්. පරණවිතාන විසින් හිමිකරගනු ලැබීය. මෙම විසිර යාමේ පෙළපාලිය සරඹ සංදර්ශණයකින් සහ ශාරීරික යෝග්‍යතා සංදර්ශණයකින් වර්ණවත් විය.

මෙම විසිර යාමේ පෙළපාලිය දැකබලාගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේලා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්, දෙමව්පියන් සහ ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී වූහ. Asics shoes | Air Jordan