Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2019 15:06:34 Hours

නව යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ සිය ධූරයේ රාජකාරි අරඹයි

නව යුද සේවා ලේකම් ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් පී.ජයශාන්ත ගමගේ ඉකුත් අඟහරුවාදා (24) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී කෙටි උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය.

එතුමන් විසින් නව පත්වීම සංකේතවත් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරී ආරම්භ කළහ.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටු කරන ලදී.

මේජර් ජෙනරාල් පී.ජේ ගමගේ වසර 33 ක යුද්ධ හමුදා සේවා කාලය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ අණ හා මාණ්ඩලික පත්වීම් සහ උපදේශක තනතුරු රැසක් හොඹවා ඇත.

වර්ෂ 1989 ජනවාරි මස 16 වන දින ශ්‍රී ලංකා හමුදා (නිත්‍ය බලකායට) එක්ව දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්වීමෙන් පසු ගජබා රෙජිමේන්තුව වෙත ඇතුළත් කරන ලදී. එතුමන් යුද්ධ හමුදා සේවා කාලය තුළ අණ හා මාණ්ඩලික පත්වීම් රැසක් හොඹවා ඇත.

හිටපු යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා වසර 34 ක සේවාකාලයකින් පසු යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් පී.ජයශාන්ත ගමගේ එම ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම්තුමන් හට සුබ පැතුම් එක්කිරීම සඳහා අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිළින් එක්ව සිටියහ. Sportswear free shipping | Air Jordan