Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 18:29:36 Hours

ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා වෙත යාපනය ප්‍රදේශයේ යුද හමුදාව විසින් සිදු කරනු ලබන ව්‍යාපෘති පිළිබද පැහැදිලි කිරිමක් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් සිදු කරයි

ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා ඉකුත් සෙනසුරාදා (21) දින උතුරේ සිදු කළ සංචාරයක් අතරතුර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයෙහි නිරත විය. එහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලද ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සහ යාපනය අර්ධද්වීපයේ අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රජා මූලික සුභසාධන ව්‍යාපෘතීන් පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කරන ලදී.

යාපනය අර්ධද්වීපයේ සුභසාධන මධ්‍යස්ථාන සම්බන්ධව, ඉඩම් ගැටළු සහ ප්‍රතිසන්ධාන හා නැවත පදිංචි කිරීමේ කටයුතු වල වර්තමාන ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය. තවද, අමාත්‍යවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට යුද හමුදා සමාජ සුභසාධන ව්‍යාපෘති සහ අර්ධද්වීපයේ සිවිල් ප්‍රජාවට ආධාර කිරීම පිළිබඳ කෙටි විස්තරයක් මෙහිදි සිදු කරනු ලැබීය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය ලේකම් සහ අතිරේක ලේකම්, යාපනය දිස්ත්‍රික් ලේකම්, අධ්‍යක්ෂ (සංවර්ධන), අධ්‍යක්ෂ (සැලසුම්), යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් සහ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගී විය. jordan release date | adidas Yeezy Boost 350