Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 16:05:39 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය රුක් රෝපණ වැඩසටහන යාපනය අර්ධද්වීපයෙන් ආරම්භ කරයි

යාපනය අර්ධද්වීපයේ පැළ මිලියනයක් සිටවීමේ අරමුණින් යුතුව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත යාපනය අර්ධද්වීපයේ පැළ මිලියනයක් සිටුවීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ආරම්භ කරන ලදී.

සමාරම්භක වැඩසටහනේ එක් පියවරක් ලෙස 513 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් පිරිසක් විසින් අරාලි ප්‍රදේශයේ තල් ගස් 3000 ක් සිටවනු ලැබීය.

තල් බීජ රෝපණය කිරිමේ පළමු වැඩසටහන සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලලිත් රත්නායක, 513 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 11 වන ශ්‍රි ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරී තුමන් ඇතුළු යාපනය මිතුරු සංගමයේ සභාපති ආචාර්ය සිදම්බරන් මෝගන් සහ සංගමයේ සාමාජිකයින්, තල් ගස් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී යාපනය එම්. බී. ලෝගනාදන් මහතා සහ තල් ගස් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සමගින් 513 වන පාබල බලසේනා මූලස්ථානයේ සහ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ මෙන්ම 16 වන ගැමුණු හේවා බල ඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද එක් වූහ.Nike air jordan Sneakers | Nike for Men