Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 21:29:36 Hours

පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) එච්.වී අතුකෝරල අවසන් ගමන් යයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් එච්.වී අතුකෝරල වීඑස්වි පිඑස්සි එෆ්බීඅයිඑම් ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීගේ අවමංගල්‍ය උත්සවයේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමීයේදී අද (23) දින සන්ධ්‍යාවේ දී පැවැතිවිණි. මෙම අවමංගල්‍ය උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිවරුන් සහ ශෝකයට පත් පවුලේ ඥාතීන් සහභාගී වූහ.

කාලතුවක්කු ගැලමත තැන්පත් කිරිමට පෙර යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දේහය වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර දැක්වූහ. අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සුසාන භූමීය වෙත ලගාවීමෙන් පසු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දේහය භාරගත්හ.

දිවංගත ලුතිනන් ජෙනරාල් අතුකෝරල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ ජාතික ධජයෙන් ආවරණය කරන ලද දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සමගින් එහි රැස්ව සිටි ඥාතීන් ඇතුළු ශෝකවන්නන් පොදු සුසාන භූමීය වෙත ගමන් කළහ.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ පළමුවන කොටසේ නියෝගය කියවන ලදි. ඉන් අනතුරුව ශෝකවන්නන්ගේ ස්තූති කතාව සිදු කරන ලදී. පසුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එතුමන්ගේ දේහයට හමුදා නිලධාරීයෙකුට ලැබීය හැකි උපරිම ‍ගෞරවාචාර දැක් වූහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරන ලද අතර, අභාවප්‍රාප්ත යුද විරුවාගේ අවසන් ගමන එම බියුගල් නාදයෙන් සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි. අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් දිවංගත විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් එච්.වී අතුකෝරල හිමිකරගන්නා ලද පදක්කම් හා පලඳනා එතුමන්ගේ පවුලේ ඥාතීන් හට හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්වන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ සම්බන්ධීකරණයෙන් එම අවමංගල්‍ය කටයුතු හමුදා චාරිත්‍රානුකූලව ඉතා විධිමත් අයුරින් සංවිධානය කර තිබිණි.

මෙම සංවේගජනක අවස්ථාවට විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කොට්ටෙගොඩ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, විශ්‍රාමික ජෙනරාල් ජගත් ජයසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් ඇතළු යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් බිහි කරන ලද ඉතාමත් ගෞරවනීය නිලධාරියෙකු වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ (විශ්‍රාමික) ලුතිනන් ජෙනරාල් එච්.වී.අතුකෝරල මහතා කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය රෝගී තත්ත්වය වඩාත් උත්සන්න වීමෙන් ඉකුත් සිකුරාදා (20) දින මෙලොවින් සමුගන්නා අවස්ථාවේදී හෙතෙම සිය දිවි ගමන්මගේ 89 වන සැතපුම් කණුව පසුකර තිබිණි.

වඩාත් කැපී පෙනෙන කාරණය නම්, ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) අතුකෝරල ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ ලුතිතන් කර්නල්වරයෙකු ලෙස කටයුතු කරන වකවානුවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ඉතිහාසය පරිවර්තනය සහ රෙජිමේන්තු ගීතය රචනා කිරීමට ඉවහල් විය.

අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ; Mysneakers | balerínky