Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2019 19:18:41 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) එච්.වී අතුකෝරල හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් එච්.වී අතුකෝරල වීඑස්වි පිඑස්සි එෆ්බීඅයිඑම් රෝගාතුරව කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (20) දින උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන් අභාවප්‍රාප්ත වන විට 89 වන වියෙහි පසුවිය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සෙනසුරාදා (21) දින ප.ව 1230 සිට බොරුල්ල ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත. එතුමන්ගේ අවමංගල්‍ය උත්සවය පුර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සඳුදා (23) දින බොරුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත අතර එතුමන් අංක 178, හිල් වීදිය, දෙහිවල යන ලිපිනයේ පිදංචිව සිටියහ.

වර්ෂ 1930 නොවැම්බර් මස 30 දින උපත ලැබු එතුමන් වර්ෂ 1950 සැප්තැම්බර් මස 30 දින කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වෙත බැඳි වර්ෂ 1952 ජුලි මස 31 වන දින අධිකාරියට පත්ව වර්ෂ 1985 නොවැම්බර් මස 30 දින විශ්‍රාම ගන්නා ලදී.

යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 33 ක වැඩි කාලයක් විශිෂ්ඨ සහ නිකැලැල් සේවය ඉටු කළ ලුතනන් ජෙනරාල් (විශ්‍රාමික) අතුකෝරාල වෘත්තිය සේවා කාලය තුළ විශිෂ්ඨ සේවා විභූෂන පදක්කම (VSV), පුර්ණ භූමි පදක්කම ඇතුළු විශිෂ්ඨ පදක්කම් රැසක් හිමිකරගෙන ඇත.

වඩාත් කැපී පෙනෙන කාරණය නම්, ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) අතුකෝරල ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ ලුතිතන් කර්නල්වරයෙකු ලෙස කටයුතු කරන කාලයේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ඉතිහාසය පරිවර්තනය සහ රෙජිමේන්තු ගීතය රචනා කිරීමට ඉවහල් විය.

අභාවප්‍රාප්ත ලුතිතන් ජෙනරාල් (විශ්‍රාමික) එච්.වී අතුකෝරල යුද්ධ හමුදා දිවිය තුලදී, 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, 1 වන හමුදාධිපති කාර්යය සාධන බලකාය, යුද්ධ හමුදා පුහුණූ මධ්‍යස්ථානයේ සේනාවිධායක, වැඩබලන පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා ස්වෙච්ඡා බළසේනා සේනාවිධායක, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ඇතුළු කීර්තිමත් තනතුරු රැසක් හොබවා ඇති අතර ශ්‍රී ලංකා පාබල හමුදා ඇඳුම් රෙගුලාසියේ සහ වෙනත් සැරසිලි හි පුරෝගාමියා ද විය. පළවන කොටසේ නියෝග ද එතුමන්ගේ නිර්මානයකි. latest Nike release | Nike