Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2019 11:44:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන් අධිකාරීයට පත්වීමට පෙර ඔවුන්ගේ දැනුම විදහා දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී සෙනසුරාදා (21) දින පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අංගයක් වන ‘අධ්‍යයන වැඩසටහන් ඉදිරිපත් කිරීම‘ පෙරදින සන්ධ්‍යාවේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සමගින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගි විය.

කෙඩෙට් නිලධාරිණියන් ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබු කෙඩෙට් නිලධාරීන් 321 ක් අද (21) දින උදෑසන අධිකාරියට පත්ව මාතෘභූමියට සේවය කිරීම සඳහා දිවයින පුරා කඳවුරු වෙත විසිර යයි.

වර්ණවත් උත්සවයකදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත්වීමට ප්‍රථම ඔවුන් පුහුණුව ලැබූ විවිධ අධ්‍යයනයන් පිළිබඳ ඔවුන්ගේ අවසාන ඉදිරිපත් කිරීම් අධීක්‍ෂණය කිරීම හා ඇගයීම සිරිතකි.

මෙම අවස්ථාව සඳහා සම්භාවනීය ආරාධිත අමුත්තන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කෙඩෙට් නිලධාරීන් සහභාගී වූහ. spy offers | Nike