Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2019 15:55:11 Hours

‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ නමින් දේශනයක් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පවත්වයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 54 වන සේනාංක මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිල‍ධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ මැයෙන් තවත් අධ්‍යාපනික දේශන දෙකක් දෙසැම්බර් මස 18 සහ 19 දිනයන්හි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

මෙම සැසිය ‘සියදිවි නසාගැනීම් වැළැක්වීම’, ‘මානසික ආතතිය හා ප්‍රීතිමත් ජීවිතයක් සඳහා හැසිරීම ප්‍රවර්ධනය කිරීම’ සහ ‘ගැටළු විසඳීම’ ආදී තේමාවන් ආවරණය කරමින් පැවැත්විණි.

මෙම දේශන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ආර්.එම්.එම්. මො‍ණරාගල, මේජර් යූ.පී. මල්ලවාරච්චි, ලුතිතන් එස්.වී.ආර්.ඒ. ද සිල්වා, ලුතිතන් පී.ඒ.සී.පී.කේ. පේදුරුආරච්චි සහ ලුතිතන් කේ.පී.කේ. චේතිය යන නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබීය.

මෙම දේශන සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 54 වන සේනාංක මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 34 දෙනෙකු සහ සෙසුනිලයින් 411 දෙනෙකු සහභාගී වූහ. Sports News | Autres