Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2019 15:26:33 Hours

ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලාව නිම කළ සෙබළුන් 188 දෙනෙකු විසිරයයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 75 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ආධුනික සෙබළුන් 188 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින අති උත්කර්ෂවත් අන්දමින් එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩි.එම්.ඒ බණ්ඩාර ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස භඨකාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි සිරිසේන සහභාගි විය.

මෙම විසිරයාමේ පෙළපාලිය සරඹ සංදර්ශන, තූර්යවාදක සංදර්ශන, පහන් පිරිස්සුම් සංදර්ශන සහ අංගම්පොර ප්‍රදර්ශනයන්ගෙන් වර්ණවත් වු අතර එම අවස්ථාව සඳහා විසිරයන ආධුණික සෙබළුන්ගේ ඥාතීන්, නිලධාරීන් සහ සෙසුනිළයින් 3,000 කට අධික පිරිසක් සහභාගි වූහ.

පාඨමාලාවේ හොඳම ඛණ්ඩභාර නිලධාරී ලෙස ලුතිනන් වී.කේ.ටී. රණසිංහ සහ හොඳම ඛණ්ඩභාර සැරයන් ලෙස මාණ්ඩලික සැරයන් කේ.ආර්.ජී.ඩී. වීරසිංහ සම්මාන හිමි කරගත්හ.

තවද, හොඳම පෙළ අණදෙන්නා ලෙස කෝප්‍රල් එච්.එම්.එම්.එස්. අබේරත්න බණ්ඩාර, සෑම අතින්ම අතීශූර සෙබලා ලෙස සාමාන්‍ය සෙබළ එච්.එම්.එම්.එස් හේරත්, සෑම අතින්ම අතීශූර සෙබළිය ලෙස කාන්තා සෙබළ පී.ඒ.එස් මධුෂානි, හොඳම වෙඩික්කරු (පිරිමි) ලෙස සාමාන්‍ය සෙබළ එස්.පී.එම් සිරිවර්ධන, හොඳම වෙඩික්කරු (කාන්තා) ලෙස කාන්තා සෙබළ බී.බී.ඒ.එම් බණ්ඩාර සම්මාන හිමි කරගත්හ.

මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක මේජර් බී.එල්.එස්.කේ බාලසූරිය පෙළපාලියේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ අතර දෙවන අණදෙන නිලධාරී ලෙස කපිතන් ආර්.ජී.එන්.එස් අබේරත්න කටයුතු කරන ලදී. Sportswear free shipping | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes