Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2019 17:13:00 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් එලපත්වැව පාසලේ සිසුන්ට නොමිලේ පාසල් උපකරණ බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් තවත් එක් මානුෂීය සමාජ සේවා ව්‍යාපෘතියක් දියත් කරමින් එක්සත් රාජධානීයේ පදිංචි ශෙවෝ අබේසිංහ මහතාගේ (Mr. Shevo Abeysinghe) සහ එම පවුලේ සාමාජිකයින්ගේ අනුග්‍රහය ඇතිව අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 27 දෙනෙකුට සපත්තු, පාසල් බෑග්, අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදී.

කෑබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිහිටි එලපත්වැව පාසලේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පහක අධ්‍යාපනය හදාරණ සිසුන් 27 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන්ට ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිව ආර්ථික දුෂ්කරතාවයට පත්ව ජීවත් වේ. මේ පිළිබඳ සොයාබැලු 621 වන බලසේනාවේ බලසේනාධිපති මේ සඳහා සහායවීමට උනන්දුවක් දැක්වූ පරිත්‍යාගශීලින් වෙත යොමුවිය.

මෙම ව්‍යාපෘතිය යටතේ සෑම සිසුවෙකුටම 2020 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය ඩී.එස්.අයි. සපත්තු යුගලයක්, පාසල් බෑගයක් ඇතුළු පාසල් උපකරණ තොගයක් මෙලෙස ලබාදෙන ලදී. ඉකුත් අඟහරුවාදා (17) පරිත්‍යාගශීලීන් ඉදිරියේ එම පාසලේ පැවති කෙටි උත්සවයකදී මෙම පාසල් උපකරණ තොගය බෙදාදුන්හ.

මෙම අවස්ථාවට පෙර 621 බලසේනාවේ භට පිරිස් ප්‍රදේශයේ දෙමව්පියන්ගේ සහ සිවිල් වැසියන්ගේ සහාය ඇතිව පාසල් වටපිටාව පිරිසිදු කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 621 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් සහභාගී වූ අතර ගුරුවරුන්, සිසුන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසින් ද සහභාගී වූහ. 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ දෙවන අණදෙන නිලධාරී ඇතුළු භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. jordan release date | Air Jordan Release Dates Calendar