21st December 2019 17:06:33 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය ඉකුත් බදාදා (18) දින ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති කටාර් ජාතික දින උත්සවයට සහභාගි වූ සම්භාවනීය ආරාධිත අමුත්තන් අතරට එක්විය.
මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම මැතිණිය කටාර් තානාපති කාර්යාලයේ භාරකාර කටයුතු පිළිබඳ කාලිඩ් සාලේ අල්-මරී මහතා (Mr Khalid Saleh Al-marri) විසින් උණුසුම් අයුරින් පිළිගනිමින් සුභපැතුම් හුවමාරු කරගත් අතර ද්වීපාර්ශික සබඳතා ද සිහිපත් කළේය. එහිදි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරාධිතයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.
මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ. Running Sneakers Store | Air Jordan Release Dates 2020