17th December 2019 12:18:13 Hours
21 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ මැයෙන් තවත් අධ්‍යාපනික දේශන මාලාවක්, ඉකුත් අඟහරුවාදා (17) දින මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.
මෙම සැසිය ‘සියදිවි නසාගැනීම් වැළැක්වීම’, ‘මානසික ආතතිය හා ප්‍රීතිමත් ජීවිතයක් සඳහා හැසිරීම ප්‍රවර්ධනය කිරීම’ සහ ‘ගැටළු විසඳීම’ ආදී තේමාවන් ආවරණය කරමින් පැවැත්විණි.
මෙම දේශන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ආර්.එම්.එම්. මොණරාගල, මේජර් යූ.පී. මල්ලවාරච්චි, ලුතිතන් එස්.වී.ආර්.ඒ. ද සිල්වා, ලුතිතන් පී.ඒ.සී.පී.කේ. පේදුරුආරච්චි සහ ලුතිතන් කේ.පී.කේ. චේතිය යන නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබීය.
මෙම දේශන සඳහා 21 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් 23 දෙනෙකු සහ සෙසුනිලයින් 158 දෙනෙකු සහභාගී වූහ. short url link | Sneaker & Lifestyle News