17th December 2019 12:17:12 Hours
යුද්ධ හමුදා සාමාජිකයින්ට භාවනා කිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් කඳුබොඩ බවුන්සෙත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ මෙහෙයවන ලද තවත් නේවාසික එක් දින භාවනා වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (17) දින නිලධාරින් සිව්දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 89 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
යුද්ධ හමුදා සාමාජිකයින් තුල අධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරිමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක ගේ උපදෙස් මත එම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම ‘ලක්විරු අධ්‍යාත්මික භාවනා වැඩසටහන’ සංවිධානය කරන ලදී. Authentic Nike Sneakers | Nike Shoes