17th December 2019 13:27:27 Hours
2009 මැයි මාසයට පෙර පැවැති මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථානගත 64 වන සේනාංකයේ 11 වන සංවත්සරය ආගමික වතාවත් මධ්‍යයේ ඉකුත් අඟහරුවාදා (10) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
සංවත්සරයට සමගාමීව, ඉකුත් සිකුරාදා (6) දින සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සිදුකළ අතර පසුදින (07) උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා හීල් දානය පිළිගැන්විය. 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා විසින් මහාසංඝරත්නය වෙත සම්ප්‍රදායික දැහැත් වට්ටියක් පිළිගන්වා පිරිත් සජ්ඣායනා කිරීම සඳහා ආරාධනා කරන ලදී.
සේනාංකාධිපතිතුමන් ඉරිදා (08) දින නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ එක්ව හින්දු සහ කතෝලික ආගමික වතාවත් ඔඩ්ඩුසුඩාන් සිවම් කෝවිලේ දී සහ කුලමුරිප්පු දේවස්ථානයේදී සිදු කළහ. තවද, ඉස්ලාම් දේව මෙහෙය මුතියන්කඩ්ඩුකුලම් පල්ලියේදී සිදුකරන ලදී.
සංවත්සර දිනයේ (අඟහරුවාදා 10 දින) 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම සඳහා ආරාධනා කරන ලදී. තවද, සංවත්සරයට සමගාමීව පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට ද එතුමන් එක්විය. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ සේනාංකාධිපතිතුමන් පසුගිය වසර 11 ක මතකයන් සිහිපත් කරමින් භටපිරිස් විසින් සිදුකරනු ලබන ප්‍රජා ව්‍යාපෘතින් අඛණ්ඩව සිදුකරගෙන යන ලෙසත් විනය ඉහළ මට්ටමක පවත්වාගනිමින් සිවිල් වැසියන් හා හමුදාව අතර පවත්නා සම්බන්ධතා තවදුරටත් ප්‍රවර්ධනය කරගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.
සංවත්සර වැඩසටහනේ දෙවන කොටස ලෙස, සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් අතර වොලිබෝල් සහ ක්‍රිකට් තරඟාවලියක් දෙසැම්බර් මස 10 සිට 13 දින දක්වා සේනාංක මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වොලිබෝල් තරගාවලියේ සහ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය වෙන වෙනම දිනයන්හි පැවැත්විණි. සංවත්සර වැඩසටහනට සමගාමීව පැවැති සංගීත ප්‍රසංගය සඳහා නිලධාරීන් සහ සෙසුනලයින් 500 කට අධික පිරිසක් සහභාගි වූහ. Best Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ