Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2019 16:59:33 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව 70 වන සංවත්සර ඉතිහාස ග්‍රන්ථය එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, සිය අමරණිය 70 වන සංවත්සරය සනිටුහන් කරමින් සඳුදා (16) දින කිංග්ස්බරි හෝටලයේ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ජාතියට කළ සේවය වෙනුවෙන් ‘70 වසරක පියසටහන්’ නම් ග්‍රන්ථය එළිදැක්විය.

70 වන සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විදුලි හා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වූහ.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා හා එම මැතිණිය මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග හා එම මැතිණිය ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී.

මෙම උත්සවයට විශේෂත්වයක් එක්කරමින් උතුරු හා නැ‍ගෙනහිර මානුෂීය මෙහෙයුම් සාර්ථකව අවසන් කිරීම සඳහා ලබාදුන් සහයෝගය සහ දායකත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ඵෙතිහාසික ඉතිහාසය සාරාංශ කර ‘70 වසරක පියසටහන්’ නම් ග්‍රන්ථය එළිදැක්විය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් යුද්ධ හමුදාවේ සියලුම විදුලි, යාන්ත්‍රික, ජෛව වෛද්‍ය සහ දෘශ්‍ය උපකරණ නඩත්තු කරන අතර දිවයින පුරා පිහිටි මූලික වැඩපලවල්හි සහයෝගය ඇතිව එම නඩත්තු කටයුතු සිදුකරනු ලබයි.  ශ්‍රී ලංකාවේ භටපිරිස් ප්‍රවාහනය කරන යුනිබෆල් සන්නද්ධ රථ (Unibuffel Armoured Personnel Carriers) නිෂ්පාදනය කිරීමේ ගෞරවය ද විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට හිමි වේ.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක විසින් ‘70 වසකරක පියසටහන්’ ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සියලුදෙනාගේ අත්පොළසන් හඬ මධ්‍යයේ ප්‍රදානය කරන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා මෙම අවස්ථාවේදී කෙටි දේශනයක් සිදුකරමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාර්ථකත්වය සඳහා කැපවූ හිටපු සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රවීණයන් සහ සියලුම විශ්‍රාමිකයින් අගය කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය අගය කරමින් මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග 70 වන සංවත්සර සැමරුමේදී යුනිබෆල් රථයක විශේෂ අනුරුවක් සමරු සිහිවටනයක් ලෙස ප්‍රදානය කළේය. දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා නික්මයාමට පෙර ශ්‍රී ලංකා විදුලි හා ඉංජිනේරු රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය.

මෙම අවස්ථාවට රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම මැතිණියන් සහභාගි වූහ. jordan Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta