18th December 2019 21:25:33 Hours
10 වන යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් සී.කේ. හඳුන්මුල්ල ඉකුත් අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී රාජකාරී ආරම්භ කරන ලදී.
ආගමික වතාවත් මධ්‍යයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය. මීට ප්‍රථම මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස පසුගියදා පත්වීමෙන් අනතුරුව නව මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් සී.කේ. හඳුන්මුල්ල පත්විය.
මෙම අවස්ථාවට මූල්‍ය කළමනාකරණ ශාඛාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටිහය. short url link | NIKE