Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2019 11:40:39 Hours

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ වසරේ දෙවන සම්මන්ත්‍රණය ආරම්භ වේ

‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම; සමකාලීන ප්‍රවණතා සහ අභියෝග’ යන තේමාව යටතේ පවත්වනු ලබන දෙවන සම්මන්ත්‍රණ සැසිය 2019 දෙසැම්බර් මස 19 සිට 20 දින දක්වා බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

මෙම සම්මණ්ත්‍රණයේ සමාරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා මෙන්ම ප්‍රධාන කථිකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහභාගී වේ.

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ගේ ආරාධනයෙන් මෙම සම්මන්ත්‍රණය ඇමතීම සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරැණ ජයසේකර, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, මනීෂා එස්.වනසිංහ මහත්මිය සහ ආචාර්ය චමිලා තලගල මහත්මිය ඇතුළු විද්වතුන් බොහෝ පිරිසක් සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද විදානගේ, කර්නල් ඩී.කේ.එස්.කේ. දොලගේ, කර්නල් ඒ.එම්.සී.පී. විජේරත්න, අශාන් වික්‍රමසිංහ මහතා, අසීෆ් ෆාරඩ් මහතා, ආචාර්ය සංජීව වීරවර්ධන මහතා, ලුතිතන් කර්නල් පී.එස්.එස්. සංජීව, ඉන්දික පෙරේරා මහතා (ස්වාධීන නීතීඥ්‍ය), නිලන්තන් නිරුන්තන් මහතා (බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය) සහ මේජර් ඩී.පී. අළුත්ගේ ආරාධිත කථිකයින් ලෙස මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වේ.bridge media | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ