Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2019 12:19:39 Hours

ජංගම අක්‍ෂි සායනයකින් පසු සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි බෙදාදීමට වන්නි භටපිරිස්හි සහය

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදි මාතර සිංහ සමාජය විසින් ඉකුත් ඉරිදා (15) දින අක්‍ෂි සායනයකින් පසු අඩු ආදායම්ලාභී පවුල්වල සිවිල් වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ දැවැන්ත වැඩසටහනක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

වන්නි ප්‍රදේශයේ සියලුම ප්‍රජාවන් නියෝජනය කරන සිවිල් වැසියන් 300 කට අධික සංඛ්‍යාවක් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබා ඇති අතර එහි සිටි වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් පුළුල් දෘෂ්ටි පරීක්ෂණයක් ද සිදු කරගන්නා ලදී.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම දැවැන්ත සමාජ සුභසාධන ව්‍යාපෘතියට මාතර සිංහ සමාජයේ අනුග්‍රහය හිමිවිය. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහකාර සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජී.ඒ.එල් කිත්සිරි ගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සාර්ථකව දියත් කරන ලදී.

මෙම වැඩසටහන සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරී, මාතර සිංහ සමාජයේ අධ්‍යක්‍ෂ සිංහ හේමප්‍රිය ජයතිලක මහතා ඇතුළු සිංහ සමාජයේ සාමාජිකයින්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංකයන්හී සිවිල් සම්බන්ධීකරණ නිලධාරින් සහභාගී වූහ. Running Sneakers | Men’s shoes