Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2019 03:29:02 Hours

66 වන සේනාංකයේ 10 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

කිලිනොච්චි, පුනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංක මූලස්ථානයේ 10 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් මාලාවක් එම සේනාංකයේ සේනාංකා‍ධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර ගේ උපදෙස් මත දෙසැම්බර් මස 10 සහ 11 දිනයන්හි පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේ (දෙසැම්බර් 10), 66 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව පැවති සියලුනිල තේපැන් සංග්‍රහයට සහ සියලුනිල දිවා භෝජන සංග්‍රයට ද එතුමන් එක්විය.

පසුදින (11) වන්නේරිකුලම් වැඩිහිටි නිවාසයේ රැඳවියන් 35 දෙනෙකුට දිවා ආහාරය පිරිනමන ලදී. එදින සන්ධ්‍යාවේ සේනාංකයට ආශිර්වාද එක්කිරීමේ සහ දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් විශේෂ බෝධි පූජාවක් ද පූනරින් විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිල‍ධාරීන් සහ අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.bridgemedia | Nike