13th December 2019 14:31:56 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 622 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් කුච්චවේලි ආපදා කළමණාකරණ කාර්යාලයේ නිලධාරින් සමඟ එක්ව පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් හානියට පත් පුල්මුඩේ මුටියන්කුලම් වැව් බැම්මේ වැලි කොට්ට අතුරා ආරක්‍ෂාව තහවුරු කරන ලදී.
පවතින මෝසම් වැසි තත්ත්වයන් හේතුවෙන්, 623 වන බලසේනා බලප්‍රදේශය ගංවතුර තර්ජනයට ලක්වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති හෙයින් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ විසින් එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරින් මුදාගැනීමේ සහ සහන සැලසීමේ කණ්ඩායම් සමඟ එක්ව හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා කඩිනමින් මුහුණදීමට සූදානම්වීම සඳහා දැනුවත් කරනු ලැබීය.
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් මරතෝඩයි සහ කාංචුරමොඩ්ඩියි ගම්මාන ද පීඩාවට පත්ව ඇත. මෙම ගංවතුර තත්ත්වයට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සාමාජිකයින් 11 දෙනෙකු සහභාගී වූහ. මරතෝඩයි ගම්මානයේ පවුල් 9 ක් සහ කාංචුරමොඩ්ඩියි ගම්මානයේ පවුල් 22 ක් අවතැන් වී ඇති අතර යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව ඔවුන් මරතොඩයි පාසල් පරිශ්‍රයේ නවාතැන් ගනු ලැබීය. 621 වන බලසේනා බලප්‍රදේශයේ පලුඅගවංගුව ගම්මානයේ ගම්වැසියන් කිහිපදෙනෙකුට 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් සහන සලසා ඇති අතර ඔවුන්ට අවශ්‍ය සියළුම ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගනු ලැබීය. jordan release date | Sneakers