Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2019 02:29:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 13 වන කර්නල් සේනාවිධායක ලෙස නව ධූරයට පත්වූ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති බ්‍රිගේඩියර් ආර්.එල්.සී. ප්‍රනාන්දු ඉකුත් අඟහරවාදා (10) දින සිය ධූරයේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි අතර එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායනුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන්ව, ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.එන්.ඒ. දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, ඉදිරි නඩත්තු පෙදෙසේ නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදුකරන ලදී. ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් කාර්යමණ්ඩලය ඉදිරියේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනීසිටි නව කර්නල් සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රෙය් පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව, එතුමන් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

එහිදී, භටපිරිස් ඇමතූ එතුමන් කැපවීම, උද්යෝගය සහ ඉහළ විනයකින් යුත් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. Sport media | New Balance 991 Footwear