Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2019 14:27:50 Hours

වන්නි භටපිරිස් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කළ දේශනයකට සවන්දෙයි

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය තවත් එක් දේශනයක් සෙනසුරාදා (7) දින ‘ආකල්ප සංවර්ධනය තුළින් වඩා හොඳ පවුල් ජීවිතයක්’ යන තේමාව ඔස්සේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සියයකට අධික පිරිසක් සහභාගි වූ මෙම දේශනය ලුතිනන් කර්නල් බී.ජි.එස්. සමන්ති විසින් මෙහෙයවන ලදී. Best Authentic Sneakers | Autres