Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2019 09:35:12 Hours

නච්චිකුඩා ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට පිසු ආහාර ලබාදෙයි

කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංක බලප්‍රදේශයේ නච්චිකුඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවතින අයපහත් කාලගුණයත් සමඟ වැව්වල ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගැලීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ සහන සැලසීය.

651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ පීඩාවට පත් ජනතාවට සිකුරාදා (6) දින එම සේනාංකය යටතේ ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිසු ආහාරපාන ලබාදෙන ලදී. Asics footwear | balerínky