Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2019 15:44:21 Hours

‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය’ අවසන් අදියරට පිවිසෙයි

ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ ශිවනේරි ආදර්ශ ගම්මානයේදී මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු යුද්ධ හමුදා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්හි ඒකාබද්ධ ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ’ අවසන් පෙරහුරු උපායමාර්ගික සැලසුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දියත් කරනු ලබයි.

එදිනට නියමිත පුහුණු අභ්‍යාසයන් පිළිබදව සංක්‍ෂිප්ත විස්තරයක් එම පුහුණුවට සහභාගි වූ දෙපාර්ශවය වෙනුවෙන් ලබාදීමෙන් අනතුරුව ඔවුන්ගේ දෛනික පුහුණු කිරීම් කටයුතු ආරම්භ වූ අතර එම පුහුණු අභ්‍යාසයන් එදින හිරු අවරට යාමට මත්තෙන් නිමාවට පත් කිරීමට ද මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ නිරත ශ්‍රී ලංකා හා ඉන්දිය යුද්ධ හමුදා භටපිරිස් සමත්විය.

එම පුහුණුවට සහභාගි වූ දෙපාර්ශවය අතර මනා සමාජනුයෝජනයක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීයෙකුගේ සහ ඉන්දීය හමුදාවේ නිලධාරියෙකුගේ උපන්දිනයක් සහ විවාහ සංවත්සරයක් ද මෙහිදි සමරනු ලැබීය. මෙම යුද අභ්‍යාසය 2019 දෙසැම්බර් මස 15 වන දින අවසන්වීමට නියමිතය. Authentic Sneakers | adidas poccnr jumper dress pants size