13th December 2019 10:27:54 Hours
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ යුද්ධ හමුදා නිල ඇඳුම් නිෂ්පාදනය කරන යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් සමඟින් රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මනෝජ් මනතුංග ගේ උපදෙස් මත ආගමික වතාවත් ඇතුළු වැඩසටහන් මාලාවක් 21 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලැබීය.
සංවත්සර වැඩසටහනේ පළමු අංගය ලෙස මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කිරිමේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඉකුත් සඳුදා (09) දින එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් පැවැත්විණි.
පසුදින (දෙසැම්බර් මස 10) කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග එහි නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල රණවීර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.
ඉන් අනතුරුව, කඳවුර පරිශ්‍රයේ තුළ නිල් වෙරළු පැළයක් (blue olive) රෝපණය කළ සේනාවිධායක තුමන් භටපිරිස් අමතමින් 21 වන සංවත්සරය වෙනුවෙන් රණවිරු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සියලුම සාමාජිකයින්ට සිය සුභපැතුම් පිරිනැමීය. රණවිරු ඇඟලුම් කර්මාන්ත ශාලාවට ඒකාකාරී නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ නව මඟකට ලඟාවීම සඳහා අවස්ථාව උදාකිරීම පිළිබඳව අතීතයේ සහ වර්තමාන සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේනාවිධායකතුමන් සිය ස්තූතිය පුද කළේය.
සියළුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමඟ පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහයකින් සංවත්සර වැඩසටහන නිමාවට පත්විය. Best jordan Sneakers | Nike Air Max 270