Header

Sri Lanka Army

Defender of the Nation

13th December 2019 13:27:54 Hours

කිලිනොච්චි සිවිල් වැසියන්ට වටිනා පැළ තොගයක් බෙදාදෙයි

මාන්කුලම්, කටුකුවාරි සහ පුඩියකොලනීන් ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 25 කගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් කොස්, අඹ, කජු ඇතුළු ආර්ථික වටිනාකමින් යුත් පැළ 300 ක් සෙනසුරාදා (07) දින මාන්කුලම් ග්‍රාම නිලධාරී කාර්යාලයේදී බෙදාදෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී. ද සිල්වා ගේ උපදෙස් මත අදාළ ප්‍රදේශයන්හි රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් තෝරාගන්නා ලදී.

3 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරිතුමන් මෙම අවස්ථාවට සියලුම නිලයන් සමඟ සහභාගී වී එම පැළ බෙදාදුන්හ. 57 වන සේනාංක මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම පැළ තොගය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන විසින් ප්‍රදානය කර තිබිණි. buy shoes | Nike Air Max