Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2019 23:39:44 Hours

දහස් ගණනක් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරින් විසින් ආරක්‍ෂක ලේකම් තුමන්ව හමුදා ගෞරවාචාර මධ්‍යයේ යාපනයේදී උණුසුම් අයුරින් පිළිගනි

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (12) දින උදෑසන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකළ අතර එහිදී, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සියගණනක් ආරක්‍ෂක ලේකම් තුමා වෙත සිය ඉහළම ගෞරවාචාරය පිරීනැමීය.

ආරක්‍ෂක ලේකම් තුමන් සමඟ පලාලි ගුවන් තොටුපල වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, උතුරු පළාතේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඇතුළු එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී ආරක්‍ෂක ලේකම්තුමන් වෙත 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර අනතුරුව එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක ලේකම් තුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව, ආරක්‍ෂක ලේකම්තුමන් ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සමගින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ අමරණිය මතකයන් සිහිපත් කර ඔවුන්ට සිය ගෞරවාචාරය පුද කළේය.

ඉන් අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ ආරක්‍ෂක ලේකම්තුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කරන ලදී.

අනතුරුව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් වනිගසූරීය පිළිගැනිමේ කතාව සිදුකරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ඇමතීමට ආරක්‍ෂක ලේකම්තුමන්ට ගෞරවයෙන් ආරාධනා කළේය. එහිදි ආරක්‍ෂක ලේකම් ලෙස තමාගේ ඉදිරි දැක්ම සහ මෙහෙවර පිළිබඳ භටපිරිස් අමතමින් විස්තර කළේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සංවර්ධනයන්, සංහිඳියාවේ ක්‍රියාමාර්ගයන් අභිනයන්, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘති යනාදිය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමේ සාකච්ඡාවක් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ අර්ධද්වීපයේ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආරක්‍ෂක ලේකම්තුමන් යාපනය අර්ධද්වීපයෙන් නික්ම යාමට පෙර, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් අලංකාරවත් සමරුතිළිණයක් එතුමන් වෙත පිරිනමමින් යාපනයේ සංචාරය කිරිම පිළිබඳ එතුමන්ට සිය ස්තූතිය පිරිනැමීය. bridge media | Men’s shoes