12th December 2019 14:28:45 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 64 වන සංවත්සරය නිමිත්තෙන්, එම බලකායට ආශිර්වාද එක් කිරීමේ සර්ව ආගමික ආශිර්වාදාත්මක වැඩසටහන් මාලාවක් පසුගියදා පවත්වනු ලැබීය.
ඒ අනුව, ඉස්ලාම් ආගමික උත්සවය දෙසැම්බර් මස 4 දින උදෑසන මෝදර පිහිටි ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්වූ අතර එදිනම සන්ධ්‍යාවේ මෝදර පිහිටි ශාන්ත ඇන්ඩෘ දේවස්ථානයේ දී කතෝලික දේව මෙහෙයක් පැවැත්විණි. මීට අදාළ හින්දු ආගමික උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින මෝදර පිහිටි ශ්‍රී වෙන්කටේෂ්වර් කෝවිලේදී පැවැත්වූ අතර ඉකුත් සඳුදා (9) දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වනු ලැබීය. එමෙන්ම, ‘රොක් හවුස්’ (Rock House) හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉකුත් අඟහරුවාදා (10) දින මහා සංඝරත්නය උදෙසා දානය පිළිගැන්වීමෙන් අනතුරුව සංවත්සර සැමරුම් උත්සවයේ ආගමික වතාවත් අවසන් විය.
මෙම සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහභාගී වූ අතර එම ආගමික වැඩසටහන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. මෙම සංවත්සර උත්සවයට සමගාමීව බලකායට ආශිර්වාද එක්කිරීම සඳහා ආගමික වතාවත් සිදුකළ සංඝරත්නය වෙනුවෙන් හා පූජකවරුන් සඳහා ත්‍යාග සහ ‘පිරිකර’ පූජා කරන ලදී. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 64 වන සංවත්සරයට සමගාමීව පැවැති වැඩසටහන් මාලාව ඉරිදා (15) දින ද පැවැත්විණි. best Running shoes brand | Women's Nike Air Max 270 trainers - Latest Releases