10th December 2019 15:25:40 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සඳුදා (09) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන නෙළුම්පියස ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබිණි.
‘ජාත්‍යන්තර ඒඩ්ස් දිනයට’ සමගාමීව පැවැති මෙම දේශන සඳහා නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට අධික පිරිසක් සහභාගි වූහ. මෙම දේශනය කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහලේ වෛද්‍ය උපදේශක ආචාර්ය චතුරිකා වික්‍රමරත්න මිය විසින් මෙහෙයවනු ලැබීය. spy offers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ