10th December 2019 13:10:47 Hours
මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ දී පැවති 45 වන තරුණ නිලධාරි මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසුව පැවති විසිරයාමේ උත්සවයේදී කාලතුවක්කු විශිෂ්ඨයින්ගේ පවුලට එක්වීම සඳහා තවත් තරුණ නිලධාරින් අට දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් කේ.එන්.එස්. කොටුවේගොඩ සහභාගී වූ අතර කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.පී. කරුණාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී විය. උත්සව කටයුතු ආරම්භ කරමින් විසිර යන නිලධාරින් විසින් ‘නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ කාලතුවක්කු සේවයේ යෙදවීම’ පිළිබඳ අවසන් ඉදිරිපත් කිරීම සිදුකරන ලදී.
එම ඉදිරිපත් කිරීමෙන් පසු සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ආරම්භ විය. ත්‍යාග ප්‍රදානෝත්සවය අතරතුර, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය හිමිකරගත් දෙවන ලුතිනන් එච්.ජී.ජේ.කේ පතිරාජ වෙත “රිදී තුවක්කුව” පිරිනමන ලදී. නිලධාරි නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකින් පාඨමාලාවේ සමාප්තිය සනිටුහන් විය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ.Adidas footwear | Zapatillas de running Nike - Mujer