Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 22:00:47 Hours

621 වන බලසේනාවේ 9 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

වැලිඔය පිහිටි 621 වන බලසේනාවේ භටපිරිස් සිය 9 වන සංවත්සරය, වැඩසටහන් මාලාවක් සමඟින් ඉරිදා (01) දින බලසේනා මූලස්ථනායේ දී සමරනු ලැබීය.

මෙම සංවත්සර වැඩසටහන භටපිරිස් වෙත ආශිර්වාද එක්කිරීමේ ‘බෝධි පූජා’ පිංකමකින් ආරම්භ කළේය. සංවත්සර දිනයේදී, 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.පී වික්‍රමසේකර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර 621 වන බලසේනවේ ධජය ඔසවා සංවත්සරය සනිටුහන් කළේය. අනතුරුව බලසේනාධිපතිතුමන් 621 වන බලසේනාවේ භටපිරිස් ඇමතීය.

එදින සෙසුනිල භෝජනාගාරයේ පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහයකින් සංවත්සර උත්සවය අවසන් විය.

සංවත්සරයට සමාගමීව 621 වන බලසේනාවේ භටපිරිස් කැබිතිගොල්ලෑව රජයේ රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කළහ. සංවත්සර උත්සවය අවසානයේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි. latest Nike Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092