11th December 2019 14:38:34 Hours
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව - 5, කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව - 17 සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - 17 යටතේ හමුදා හා මහජන සම්බන්දතා පිළිබඳ පුළුල් දැනුමක් ලබාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කණිෂ්ඨ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 116 දෙනෙකු සහ විදේශිය නිලධාරීන් කිහිපදෙනෙකුගේ උපාධි ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් ඉකුත් සිකුරාදා (06) දින පැවැත්විණි.
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාලාවේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ, සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර සහභාගි විය.
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී පැවැති පාඨමාලාවන්හී අවසන් විභාගවලදී විශිෂ්ඨ දස්කම් දක්වමින් ඒකක අණදෙන නිලධාරි පාඨමාලා - 5 යටතේ පුහුණුව ලැබූ නිලධාරින් 19 දෙනෙකු අතරින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් එන්.ආර්.එම්.ටි. නිශ්ශංක, කණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා - 17 යටතේ පුහුණුව ලැබූ නිලධාරින් 52 ක් අතරින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජේ.ජේ.පී. දිසානායක සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලා - 17 යටතේ පුහුණුව ලැබූ නිලධාරින් 45 ක් අතරින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් ජේ.ඒ.ඒ.ඩි. ගල්කන්ද පිළිවෙලින් පළමු ස්ථාන හිමිකරගැනීමට සමත්වුහ.
මෙම විශේෂිත පාඨමාලා තුනේදීම යුද සටන්, හමුදා මූලධර්මය, ප්‍රතිත්‍රස්ථ මෙහෙයුම්, සේවා ලිපි සම්පාදනය සහ කාර්ය මණ්ඩල ක්‍රියාපටිපාටිය, අණ හා කාර්ය මණ්ඩල රාජකාරි, උපායමාර්ගික අධ්‍යයන, සටන් සේවා සහාය, සංක්‍රාන්ති අවධීන් හා යුද මෙහෙයුම්, අණ හා තීරණ ගැනීම, ජාත්‍යන්තර සබඳතා, තොරතුරු, මාධ්‍ය හා සන්නිවේදන තාක්‍ෂණය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු හමුදා අධ්‍යයනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරිණි.
බුත්තලදී පැවැති මෙම උත්සවයේදී උපාධි පිරිනැමීමට ප්‍රථම යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන හා නඩත්තු, ඒකක පරිපාලනය, ජාත්‍යන්තර මානුෂීය නීතිය, මානව සම්පත් කළමනාකරණය, සිවිල් හා හමුදා නීතිය, මාධ්‍ය හා ආපදා කළමනාකරණය සහ පොලිස් රාජකාරි ආදිය පිළිබඳ සිවිල් අංශයේ විද්වතුන් සහ හමුදා බුද්ධිමතුන්ගේ මඟපෙන්වීම යටතේ එම නිලධාරීන් පුහුණු කරන ලදී.
මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර උපාධිධාරීන්ට කළ කෙටි දේශනයේදී හමුදා නොවන ක්‍ෂේත්‍රයන් පිළිබඳ දැනුමේ සීමාවන් පුළුල් කර බාහිර අධ්‍යයන කටයුතු කරගෙන යන ලෙස උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ ස්ථිර කාර්ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් ද එක්ව සිටියහ.
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කනිෂ්ඨ හා මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් වෙනුවෙන් කැපවී හමුදා වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා පසුගිය වසර කිහිපය තුළ දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් පුහුණු කර ඇත.
එම පාඨමාලා සියල්ලම 2019 සැප්තැම්බර් මස මුල් සති දෙක තුළ ආරම්භ වූ අතර එහි අවසන් දින නිලධාරී නිවස්නයේ පැවැති විධිමත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සමඟ පාඨමාලා නිමාවට පත්විය. Asics shoes | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp