Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2019 16:20:42 Hours

ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජකාරී අරඹයි

ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සඳුදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර නව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන ලදී.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නව කාර්යාලයට පැමිණිමෙන් පසු, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ.

මෙම නව පත්වීමට ප්‍රථම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වත්තල රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාංකාධිපති ලෙස සේවය කළේය.

මීට ප්‍රථම ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස පත්වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම ධූරයට පත් විය. Nike shoes | jordan Release Dates