Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2019 13:00:47 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සිය පළමු නිල සංචාරය සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමණාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ඉකුත් සඳදා (2) දින යක්කල ප්‍රදේශයේ පිහිටි රණවිරු ඇපරල් ඇඟළුම් ආයතනයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ‘රණවිරු ඇපරල්’ කර්මාන්ත ශාලාවේ සිදු කළ සංචාරය අතරතුරදී කර්මාන්ත ශාලාවේ සෑම අංශයක්ම පරීක්‍ෂාවට ලක් කළ අතර එක් එක් අංශයේ කාර්යභාර්ය හා තාක්‍ෂණික කරුණු පිළිබඳව එතුමන්ව දැනුවත් කරනු ලැබීය. සිය සංචාරයෙන් පසු, සභාපතිතුමන් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු 500ක් පමණ වූ ආබාධිත රණවිරුවන් ඇතුළු සෙබළ සෙබළියන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. එම කර්මාන්ත ශාලාව විසින් නිපදවන නිල ඇඳුම්වල ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා කර්මාන්තශාලා දෙකටම හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට එතුමන් මෙහිදී සහතික කළේය. අනාගතයේ දී යුද්ධ හමුදාවට සම්පුර්ණයෙන්ම නිල ඇඳුම් සපයනු පිණිස සියලු දෙනා කැපවී වැඩ කලයුතු බව එතුමන් එහිදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබීය.

යක්කල ‘රණවිරු ඇපරල්’ කර්මාන්ත ශාලාව වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තුමන් ප්‍රධාන දොරටුව අභියසදී එම කර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග සමඟ එම කර්මාන්ත ශාලාවේ නියෝජ්‍ය සේනාවිධායක සහ කළමණාකාර බ්‍රිගේඩියර් කපිල රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමන ලදී. එම කර්මාන්ත ශාලා පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබූ එතුමන් කර්මාන්තශාලා දෙකේම කටයුතු විධිමත්ව සිදුකරගෙන යාම සඳහා එහි සියලුම රණවිරු සේවක සේවිකාවන් වෙත සිය සුභාශීංෂණ එක් කළේය. Sports Shoes | NIKE