Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 13:30:09 Hours

ලිංගිකව බෝවන රෝග පිළිබඳ වන්නි භටපිරිස් දැනුවත් කරයි

කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් ‘ලිංගිකව බෝවන රෝග’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (04) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ක්ෂේත්‍ර හමුදා රෝහලේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනට වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයහි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 400 කට අධික භට පිරිසක් සහභාගී වූහ.

මෙම දේශනයේදී ලිංගාශ්‍රිත වැළදෙන රෝග වැළැක්වීම, ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණය, සනීපාරක්‍ෂක පුරුදු, විද්‍යාත්මක හා වෛද්‍ය විශ්ලේෂණය යන කරුණු පිළිබඳ අවධානය යොමු කෙරිණි.  මෙම දේශන දෙසැම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව දෙසැම්බර් මස 6 දින පැවැත්විණි. bridgemedia | Sneakers