Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2019 20:44:04 Hours

57 වන සේනාංකය ග්‍රාම සේවා නිලධාරීන්ගේ සම්බන්ධතාවයෙන් සිවිල් අවශ්‍යතා පිළිබඳ දැනුවත් වෙයි

මහජනතාවට ඇතිවන විවිධ ගැටළු අවබෝධ කර ගැනීම මෙන්ම ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් අතර ඇති සම්බන්ධතාවය හා සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් 571 වන බලසේනා බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී (රාජ්‍ය නිලධාරීන්) 16 දෙනෙකුට ආරාධනා කිරිමෙන් අනතුරුව සිවිල් වැසියන් සැලකිලිමත් විය යුතු විවිධ කරුණු පිළිබඳව ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගත්හ.

571 වන බලසේනා බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් සමඟ පැවැති මෙම සාකච්ඡාව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (3) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 57 වන සේනාංක මූලස්ථාන සම්මන්ත්‍රණ ‍ශාලාවේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරීතුමන් ද සහභාගී වූ අතර එහිදී මහජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන පැන නැගුණු ගැටළු සඳහා විසඳුම් ද ලබාදෙන ලදී. එහිදි, යුද්ධ හමුදා භටපිරිස් ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා උපරිම සහය ලබා දෙන බවට සහතික කරමින් සහයෝගයක් අවශ්‍යවූ විට 52 වන සේනාංකය වෙත යොමු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. Best Authentic Sneakers | balerínky