08th December 2019 15:40:31 Hours
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ 5 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එල්.ඩි.එස්.එස්. ලියනගේ සඳුදා (02) දින රාජකාරී ආරම්භ කරන ලදී.
භඨකාර්ය සම්පාදන විද්‍යාලය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් ප්‍රධාන දොරටුව අභියසදී ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් එච්.ඒ.එම්. ප්‍රේමරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.
නව සේනාවිධායකතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරී භාරගනු ලැබීය. තවද, නව සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.
බ්‍රිගේඩියර් එල්.ඩි.එස්.එස් ලියනගේ මීට ප්‍රථම බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස රාජකාරී ඉටු කළහ. Sports News | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ