Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 14:00:51 Hours

621 වන බලසේනාව කොළඹ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් සමඟ එක්ව පරිත්‍යාග වැඩසහනක් පවත්වයි

621 වන බලසේනාව යටතේ සේවයේ නියුතු 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව වැලිඔය කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශයේ ග්‍රාමීය පාසල් 8 ක අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 231 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ඇතුළු එතුමන්ගේ මිතුරන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දානපතියන් සහභාගී වූ අතර එහිදී පාසල් බෑග්, වතුර බෝතල්, දිවා ආහාර පෙට්ටි, පොත් කට්ටල, කතුරු, ගම් බෝතල්, මකනයන්, අඩිරූල්, පැන්සල් පෙට්ටි, පාට පෙට්ටි, ස්ටිකර් කාඩ්, වර්ණ පැන්සල් 12 අසුරනයන් සහ මුදල් එකතු කරන කැට ඇතුළු රු.මිලියනයක වටිනාකමකින් යුත් පාසල් උපකරණ තොගයක් මෙලෙස බෙදාදෙන ලදී.

පරිත්‍යාගශීලී නියෝජිතයින් හතරදෙනා බැගින් එම පාසල්වලට පැමිණ තෝරාගත් දිළිඳු ළමයින් සඳහා පාසල් උපකරණ බෙදාදුන්හ.

මෙම අවස්ථාවට වැලිඔය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, 62 වන සේනාංකයේ සේනාංකාධිපති, 621 වන බලසේනාවේ බලසේනා‍ධිපති, 62 වන සේනාංකයේ කටයුතු සම්බන්ධීකරණ නිලධාරින් සහ 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීතුමන් මෙන්ම දෙමව්පියන්, ශිෂ්‍යයින් සහ එම පාසල්වල ගුරුවරුන් ද සහභාගී වූහ. Running sport media | adidas Yeezy Boost 350