Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2019 16:30:48 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වන්නි ප්‍රදේශයේ වැව් බැමි දෙකක ආරක්‍ෂාව තහවුරු කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කුංචිනූර්කුලම් සහ කුලිකුටිකුලම් වැව් දෙකෙහි ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් වැව් බැමි බිඳියාමේ අවධානමක් පවතින බැවින් වවුනියාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 213 වන බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 36 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සෙනසුරාදා (07) දින යුහුසුළුව ක්‍රියාත්මකවී වැව් බැම්වල ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්වූහ.

21 වන සේනාංයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර ජයපතිරණ ගේ උපදෙස් මත 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්. රසික කුමාර ගේ අධික්‍ෂණය යටතේ එම භටපිරිස් තර්ජනයට ලක්වූ වැව් බැමි, වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කර ප්‍රදේශයට සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වාගත්හ.

එම වැව් වලට යාබදව පහත් බිම්වල ජීවත්වන පවුල් සිය ගණනක් වැව් බැමි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භටපිරිස් වෙත සිය සහයෝගය දැක්වූ අතර යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ කාලෝචිත ක්‍රියාමර්ගයට ප්‍රදේශවාසීන් ස්තූතිවන්ත වූහ.affiliate tracking url | Nike Shoes