Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 18:07:08 Hours

ඇස් කණ්නාඩි, පෝෂණ මලු සහ පාසල් උපකරණ බෙදාදීමේ දැවැන්ත සිවිල් සහයෝගීතා ව්‍යාපෘතියක් කිලිනොච්චියේදී දියත් කරයි

කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් හමුදා සහයෝගීතාවයේ තවත් එක් අවස්ථාවක් ලෙස වෛද්‍ය සායනයක් පැවැත්වීම, ඇස් කණ්ණාඩි බෙදාදීම සහ පාසල් සිසුන් අතර පාසල් උපාංග බෙදාදීම ඇතුළු දැවැන්ත ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (5) දින කල්ලාරු දමිල පාසලේ දී පැවැත්විණි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ ඉල්ලීමකට අනුව කොළඹ ලියෝ සමාජය සහ ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාග සංගමය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ඔවුන්ගේ ‘අරුණැල්ල’ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට සහයෝගය දැක්වූහ.

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හි සංවිධානාත්මක සහයෝගය ඇතිව 572 බලසේනාවේදී මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන් සඳහා කොළඹ ලියෝ සමාජයේ සභාපති, ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාග සංගමයේ සභාපති, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, 573 හා 574 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ වැඩසටහන සංවිධානය කළ ඒකක දෙකෙහි අණදෙන නිලධාරීන් සහභාගී වූහ.

මෙම වැඩසටහනේදී අක්‍ෂි රෝග සහ දෘශ්‍යාබාධ රෝග සඳහා පැවැති වෛද්‍ය පරීක්‍ෂණවලින් අනතුරුව සිවිල් වැසියන් 200 දෙනෙකුට ඇස් කණ්නාඩි බෙදාදුන්හ. තවද, එම වැඩසටහන යටතේ පාසල් සිසුන් 100 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදුන්හ.

එමෙන්ම, 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නොවැම්බර් මස 21 වන දින මාන්කුලම් රෝහලේ ගර්භනී කාන්තාවන් සඳහා කිරිපිටි පැකට්, සහල්, මාමයිට්, කුඩා ළමුන් සඳහා භාවිතා කරන සබන් හා ආලේපන ඇතුළු පලතුරු පෝෂ්‍ය පදාර්ථ අඩංගු පාර්සල් තොගයක් පරිත්‍යාග කරන ලදී.

එම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු එක් පාර්සලයක වටිනාකම රුපියල් 3000/= කි. Authentic Nike Sneakers | Air Jordan Sneakers