Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2019 16:41:51 Hours

සංවත්සරයට සමගාමීව නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් 101 ක් රුධිරය පරිත්‍යාග කරයි

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 34 වන සංවත්සරයට සමගාමීව නෙල්ලිඅඩි, ඊලන්කුලම් ප්‍රදේශයේ ස්ථානගත එම බළඇණි මූලස්ථානයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සුජිව දිසානායක ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සමඟ එක්ව රුක් රෝපණ වැඩසටහනක් දියත් කළහ. මෙම ව්‍යාපෘතිය යටතේ පැළ 146 ක් එම පාසල් පරිශ්‍රයේදී නොවැම්බර් මස 28 වන දින රෝපණය කරන ලදී.

තවද, මාන්තිකායි රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලයට ආරාධනා කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 02 දින කඳවුරු පරිශ්‍රයේදී නිලධාරීන් සහ සෙසුනිලයින් 101 දෙනෙකු යාපනය ප්‍රදේශයේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා රුධිරය පරිත්‍යාග කළහ. සංවත්සර දිනයේ (දෙසැම්බර් මස 3 දින) අණදෙන නිලධාරීතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර අණදෙන නිලධාරීතුමන් චාරිත්‍රානුකූලව භටපිරිස් අමතනු ලැබීය. එදින මධ්‍යහනයේ සහයෝගීතාවය සහ සම්බන්ධතාවයන් සංකේතවත් කරමින් සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

තවද සංවත්සරයට සමගාමීව, එදින සන්ධ්‍යාවේ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමේ සහ ආබාධිත රණවිරුවන්ට හා සේවයේ නියුතු රණවිරුවන් ආශිර්වාද එක්කිරීමේ බෝධි පූජා පිංකමක් කහටගස්දිගිලය විහරස්ථානයේ භික්‍ෂුන් වහන්සේ නමක් විසින් කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. Mysneakers | Men’s shoes