Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2019 18:44:04 Hours

ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකා භටපිරිස් ගාලුමුවදොර හෝටල් පරිශ්‍රයේදී රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ (CBRN) පුහුණු නිදර්ශනයකට සහභාගී වෙයි

යුධ හමුදාවේ රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර (CBRN) බළඝණය සහ නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් යුතුව කොළඹ ගාලුමුවදොර හෝටල් පරිශ්‍රයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින පැවැත්වූ පුහුණු නිදර්ශනයන් සඳහා රසායනික අවි තහනම් කිරීමේ විදේශ නියෝජිතයින්, රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

‘සංවර්ධනය, නිෂ්පාදනය, ගබඩා කිරීම හා රසායනික ද්‍රව්‍ය භාවිතය තහනම් කිරීම මෙන්ම ආරක්‍ෂාව හා සුරක්‍ෂිතභාවය තුළින් කලාපීය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන් දැනුවත් කර එම රසායනික ද්‍රව්‍ය අවභාවිතය හැකිතාක් සාමකාමී ක්‍රියාවලියන් සඳහා පමණක් භාවිතා කිරීම සඳහා යොමු කිරීම.

ශ්‍රී ලංකාවේ පැවැත් වූ ‘රසායනික හදිසි ප්‍රතිචාර’ සම්මන්ත්‍රණය සඳහා බහරේන්, චීනය, ඉන්දියාව, ඉරානය, ඉරාකය, මැලේසියාව, පාකිස්තානය, පිලිපීනය සහ දකුණු කොරියාව යන රටවල් ඇතුළු ආසියානු කලාපයේ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) සාමාජිකයින් 15 ක් සහභාගී වූ අතර මෙම සමුළුව සඳහා මෙරට නියෝජනය කරමින් ශ්‍රි ලංකා ආරක්ෂක අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන් ඇතුළු තවත් නිලධාරීන් 30 දෙනෙකු සහභාගී වූහ.

දේශපාලන වශයෙන් පරිසරයේ සිදුවන වෙනස්කම් සමඟ රසායනික හා න්‍යෂ්ටික නිෂ්පාදන හා භාවිතය සම්බන්ධ තර්ජන, තාක්ෂණයේ වර්ධනයන් සහ සන්නද්ධ ගැටුම් වලදී රසායනික අවි (CW) අඛණ්ඩව භාවිතා කිරීම. විශේෂයෙන් පවත්නා ආයුධ පාලන ගිවිසුම්වල ඇති දුර්වල ස්වභාවය පිළිබඳ මෙහිදි කරුණු අවධාරණය කළේය.jordan Sneakers | Sneakers