Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2019 16:44:04 Hours

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සාමාජිකයින් විසින් ජාත්‍යන්තර මානුෂීයවාදි නීතිය පිළිබඳ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කරයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයින් කණ්ඩායමක් විසින් 2019 දෙසැම්බර් මස 3 සිට 4 දක්වා කාලය තුළ වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන පිරිශ්‍රයේදී අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ කාර්යභාරය, ශ්‍රී ලංකාවේ ජනවරම සහ ක්‍රියාකාරකම්, සන්නද්ධ ගැටුම්වල සිට නීතිය බලාත්මක කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මග පෙන්වන ජාත්‍යන්තර සම්මුතියන් සහ ප්‍රමිති, පශ්චාත් ගැටුම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ යුද හමුදා නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් යුතුව වැඩමුළුවක් පවත්වන ලදී.

මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීතිය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල සහ කොළඹ අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ දේශන සහය ඇතිව පවත්වනු ලැබු මෙම වැඩසටහන් මාලාව සඳහා වන්නි ආරක්‍ෂක සේනාව නියෝජනය කරමින් නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර එහිදි ඔවුන් පැමිණි විද්වතුන් විසින් පවත්වන ලද දේශන සැසි තුළින් වටිනා අත්දැකීම් සහ උපදෙස් ලබාගත්හ. url clone | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD