06th December 2019 13:15:09 Hours
ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා පුහුණු පාසල වෙත පසුගියදා සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
යුද්ධ හමුදා පොලිස් හේවා පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එම්.ඒ බණ්ඩාර විසින් කරන ලද ආරාධනයකට අනුව පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ජල පිරිපහදු ඒකකය සහ බැට්මින්ටන් පිටිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායකගේ සුරතින් විවෘත කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර පසුව සියලු භටපිරිස් අමතනු ලැබීය.
මෙම අවස්ථාවට සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් යුද්ධ හමුදා පොලිස් හේවා පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එම්.ඒ බණ්ඩාර විසින් ප්‍රධාන දොරටුව අභියසදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එමෙන්ම, මේජර් ජෙනරාල් ඩී.කේ.ජී.ඩි සිරිසේන පුහුණු පාසලේ පුහුණුලාභින් වෙත සිය අදහස් ප්‍රකාශ කළේය. Mysneakers | Sneakers