Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2019 14:00:51 Hours

නව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 12 වන පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ඉකුත් බදාදා (04) දින වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

නව පුනරුත්ථාපන අධ්‍යක්‍ෂතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

පූනරුත්ථාපන අධ්‍යක්‍ෂ කාර්යාලයේ පැවැති මෙම අවස්ථාව සඳහා රණවිරු සෙවණේ හා මිහිඳු සෙත් මැදුරේ සේනාවිධායකවරුන්, නියෝජ්‍ය පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූහ. Sport media | Nike Dunk - Collection - Sb-roscoff